Ratings1
Average rating4
ඔයා මොකද එදා මාත් එක්ක හිනැහුණේ?'
ඈ ඇසුවේ අතීත විත්තියකි. බස් පෝලිමකද කොහෙද මා පලමුවෙන් ඈව දුටු දින ඈත් එක්ක හිනැහෙන්න මට හිතුනේ කුමක් නිසාද යන ඒ ප්රශ්නයට කෙලින්ම මට දිය හැකි උත්තරයක් නොවීය. කුකුල් පැටියා පාරෙන් එහා පැත්තට ගියේ මොකද යන්නට මෙන් ඒකටත් දිය හැකි උත්තරයක් නැති බවත් උත්තරයක් තිබුනත් එහි වැදගත්කමක් නැති බවත් අපේ ප්රථම මුන ගැහීම සිද්ධ වී අවුරුද්දක් පමන ඉකුත්ව ඇති හෙයින් එදින වූ සුලුසුලු දේ යලි හිතට නගා ගන්න තරම් මට සැමරුම් සිහියක් නැති බවත් අවංකවම කීවෙමි. මට මතක මා හිනැහෙනකොට ඇයද එවිට හිනැහුනු බව පමනය. දෙවැනි දින ඈ මා දෙස යටැසින් බලාගන මට පේනමානයක උන්නාය. මගේ හදවත එක් පිම්මක් පැන්නේය. ඇගේ මුවෙහි පුලුල් හිනහවක් නැගෙත්ම ඉන් ධෛර්යයට පත් මම කෙලින්ම ඇය ලඟට ගොස් ඇසීමි:
'අපි යමුද කොහේ හරි?'
ඇය 'හ්ම්' කියන්නට හිස සලද්දි මම ටැක්සියකට අත වැනුවෙමි. අප යුනියන් පෙදෙසට හරවන විට ඇයම කතාව පටන් ගත්තාය: 'ඔයාගෙ නම මොකක්ද?' 'දයාතිස්ස මීගහකියුල. ඔයාගෙ?' 'රමනී.'
'ඔයාට මොකක්ද එදා මං ගැන හිතුනෙ - මාව ඉස්සෙල්ලම දැක්ක දවසෙ? මම කොහොම කෙනෙක් කියලද? ඇගෙ එක් අතක් මාලු ටැංකියෙ වතුරෙහි ඉරි අඳී.
මෙහි මුලට එන තනිකඩයා යන කෙටි කතාවෙහි තනිකඩයා යන වචනය අවිවාහක බව පිළිබඳ මෙන්ම තනිකම, පාලුව , අන්තරාවර්ති මනොවෘත්තීය පිළිබඳව හැඟීම ධ්වනිත කරවන්නකි.
Reviews with the most likes.
There are no reviews for this book. Add yours and it'll show up right here!