Ratings1
Average rating3.5
පාළු හුදෙකලා භූ දර්ශනයක, හිස් වූ පාරක, අවමංගල රථයක් පසුපස යන මිනිසකුගේ රුවක් සමහර රාත්රීන් හි මම සිහිනෙන් දකිමි. ඒ මිනිසා මම ය. අවමංගල රථය රැගෙන යන්නේ ඔබව ය. ඔබේ ආදාහනය මොහොතේ එහි සිටීමට මට නොහැකිය. ඔබේ අළු සහිත මංජුසාව භාර ගැනීමට මට නොහැකිය. කැතරින් ෆියරේගේ ගීතවත් හඬ එවිට මට ඇසෙයි.
ඔබ නැති ලෝකය පාළුයි, අඳුරුයි'. ඒ සමඟ ම මම සිහිනයෙන් අවදි වෙමි. මම ඔබේ ආශ්වාසය පිරික්සා බලමි. මගේ අත ඔබේ ලය මත තැබෙයි. අප දෙදෙනාගෙන් කිසිවකුට අනෙකාට වඩා මොහොතක් හෝ ජිවත් වීමට ඇවැසි නැත. 'කවර හෝ ආශ්චර්යයකින් අපට නැවත ජීවිතයක් හිමි වන්නේ නම් එය ද අපි මෙලෙසම එක්ව ගෙවා දමමු. මෙය බොහෝ වාර ගණනක් අප අපටම කියාගෙන ඇත.
Reviews with the most likes.
There are no reviews for this book. Add yours and it'll show up right here!